Friday, January 22, 2016

෴මගෙ කවිය නුඹයි පුතුනේ෴'


ලමැදෙන් වෑහෙන කිරිකඳුලැල්ලක
එති එති දඟලන නුඹේ සිනාමුව
හදමත සතපා නෙළුමින් පිසලන...
කවිය නුඹයි පුතුනේ
මගෙ කවිය නුඹයි පුතුනේ..........

දළදා සමිදුන් පිහිටට එන්නැති
ජය ශ්‍රි මහ බෝ සිසිල විදින්නැති
පැතුමන් සහසක් හදමත දල්වා
කිරිකැටි සිහිනය නෙතුමත අදිනා
කවිය නුඹයි පුතුනේ
මගෙ කවිය නුඹයි පුතුනේ........

අහසට තරු කැටයක් මදි වෙන්නැති
සුර අගනක කිරි දෝර ගලන්නැති
සිහිනය සරසා ලමැදේ සැගවෙන
කවිය නුඹයි පුතුනේ
මගෙ කවිය නුඹයි පුතුනේ.......




No comments:

Post a Comment