Sunday, January 3, 2016

෴නොලද්දෙමි මිනිසත් බවක්෴


සන්සුන් ගමන් වඩිනා ඔබ රුව.......... දැකලා
මන්මත් වුනා මම සිතුවිලි ගෙන ........හැරලා
නිල්වන් නුවන් කරුණාවෙන් ඇත .... පිරිලා
පින්වත් නුඹේ ගැන මට දෙනවද ....... කියලා

සසරේ දුකින් මිදෙනට පෙරමඟ ............. සෑදූ
සසුනේ උතුම් ගුණදම් සිත ගෙන ............ පෑදූ
නිවනේ ගමන් මඟ එළිකර පව් ............. සේදූ
මිතුරේ මමයි අපෙ පංසලෙ පොඩි ......... සාදූ

කහවත දකිනවිට නෙත සිත යයි ....... පිනලා
සඳවත විලස දිස්දෙයි නුඹෙ වත ........ කමලා
දඟලන මගේ වත සිතු ලෙස නොම .... තබලා
හිතවත කියා දෙනුමැන හැකිවෙද ...... කියලා

පිටුපා බුදුරුවට නුඹ ඉදගෙන .......... ඉන්නේ
කුසුමන් පුදන අසුනට නෙවබර..... දෙන්නේ
නුඹටා හැකි පමණ යහගුණ ....... පතුරන්නේ
පිනටා ලැදිව මිනිසත් බව ලැබ ........ ගන්නේ

පින්මද නිසාවෙන් මෙසසර දුක ......... කැන්දූ
ඉන්නට සිදුවුනා මෙම භවයක ........... බැන්දූ
යන්නට මිදී එතරට නෙතසිත .............. පෑදූ
සම්බුදු සමිදු මම අද වදිනෙමි ................. සාදු

ඉපදී පිනට මිනිසුන් යනවිට .......... නොමගේ
සැලුනා කඳුළුවැල් ඉදහිට මගෙ ..... නෙතගේ
උන්නා භවක හිමිරජ වානර ............. වරගේ
නුඹටා හැකියි පාදන්නට නෙත් ......... සැමගේ

රසට රසේ රස කවිපද වැලක් ........ ගොතා
නිලට නිලේ නිල් නුබකුස ලියමි ....... සිතා
රතට රතේ රතුරෝසින් මලක් .......... පතා
නුඹට නුඹේ නුඹ සිතතුල ලැගුම් ........ ගතා

No comments:

Post a Comment