Tuesday, February 26, 2019
Saturday, October 22, 2016
෴අප්පච්චී෴
උසාවියේ නඩු හබේට නුඹ මවගෙන් වෙන් වෙන කොට
දෑසෙ කඳුළු කැට කඩාන මමත් උන්න අප්පච්චී
අපිව දාල දුර ඈතක අහක බලන් නුඹ යන කොට
කඳුළු පිහින්නට අම්මගෙ මට බැරිවුන අප්පච්චී
දෑසෙ කඳුළු කැට කඩාන මමත් උන්න අප්පච්චී
අපිව දාල දුර ඈතක අහක බලන් නුඹ යන කොට
කඳුළු පිහින්නට අම්මගෙ මට බැරිවුන අප්පච්චී
හැමදාමත් මම හවසට වැට කඩුල්ල උඩ ඉදගෙන
මග බලාන උන් විත්තිය නුඹ නොදනිද අප්පච්චී
සීනි බෝල ටොෆි චොක්ලට් නුඹ දවසක් ගෙන ආවට
දවස්තිහක් නුඹෙ සෙනෙහස අහිමියි මට අප්පච්චී
මග බලාන උන් විත්තිය නුඹ නොදනිද අප්පච්චී
සීනි බෝල ටොෆි චොක්ලට් නුඹ දවසක් ගෙන ආවට
දවස්තිහක් නුඹෙ සෙනෙහස අහිමියි මට අප්පච්චී
හැමදාමත් නුඹ නාවට නුඹේ අතින් අල්ලා ගෙන
හැම හීනෙම නුඹ බලන්න එන්නම් මම අප්පච්චී
මගේ අතින් අල්ලාගෙන දවසක් යමු ඉස්කොලෙට
ආසයි මට පෙන්නන්නට නුඹයි මගේ අප්පච්චී
හැම හීනෙම නුඹ බලන්න එන්නම් මම අප්පච්චී
මගේ අතින් අල්ලාගෙන දවසක් යමු ඉස්කොලෙට
ආසයි මට පෙන්නන්නට නුඹයි මගේ අප්පච්චී
උරපත්තට හිස තියාන කථා ගොඩක් ඇත කියන්න
දවස් තිහක් බලා උන්න උඹ එනකම් අප්පච්චී
තරු දිලිසෙන ආකාසෙට පුරහඳ එන්නේ කවදද
නුඹෙ පපුවට තුරුල් වෙන්න ආසයි මට අප්පච්චී
දවස් තිහක් බලා උන්න උඹ එනකම් අප්පච්චී
තරු දිලිසෙන ආකාසෙට පුරහඳ එන්නේ කවදද
නුඹෙ පපුවට තුරුල් වෙන්න ආසයි මට අප්පච්චී
රෝහිණී ජයන්ති ලියනගේ
Saturday, April 23, 2016
මෝහිණී
ක්රිෂ්ණා
නුඹ වැයූ වස්දඩුවෙ
උච්චතම ස්වරය ළඟ
රාධා බලා සිටියි
රඟන්නට අමතකව
ආතුර වී
ශිව දේව කන්නලව්වට
සිහින් කෙදිරිලි නගා
ආමරපාලියක නොවන්නට
මෝහිණිත් පැතුවේම
රාධාවක් වන්නට.
සිදුහත්
සංසාර පුරුද්දට
සෙවනැල්ල වී ඉන්න
නුඹේ මග ඔස්සේම
පැමිණි යශොදරා
යස ඉසුරු මැද තනිවෙච්ච
කළුවර
අමාවක සඳ සගවාගෙන
රාත්රිය මත්වෙච්ච මීවිතක්
නොවන්නට
මෝහිණිත් පැතුවේම
යශෝදරාවක් වෙන්න
ගැබ්බරව
මාවතින් මාවතට
පතිවෘතාව උකසටම නොතබන්ට
පතිනි මව්නි
මෝහිණිත් මඟ බලා හිටියේම
විළිරුදාවෙන් මිදුන පසු
කිරිපිඬක් දන්දෙන්න
පාළුම පාළු වංගුවල
වහන්වී ගොම්මන් ඇදිරියට
මෝහිණිය දරුව දුන්නේම
ඇගේ විලි වසාගන්න
Saturday, April 16, 2016
෴කිරිල්ලියේ෴
ඉගිල්ලෙන්න නුඹට වගේ
මට අත්තටු නොමැති නිසා
කුරුළු රජෝ කියාදෙන්න
නුඹෙ නැටුමට තාලතියා......
මට අත්තටු නොමැති නිසා
කුරුළු රජෝ කියාදෙන්න
නුඹෙ නැටුමට තාලතියා......
හොර
රහසින් මුණුමුණුගා
කියනා ඔය රහස නිසා
බලන්න ඇගෙ සොදුරු මූණ
ලැජ්ජාවෙන් රතුව ගියා.......
කියනා ඔය රහස නිසා
බලන්න ඇගෙ සොදුරු මූණ
ලැජ්ජාවෙන් රතුව ගියා.......
ආදර බස් අලුත ගෙනා
මනමාලිට කියනු අසා
හාදු තියපු කදුයායම
ඉන්න හැඩයි උමතුවෙලා.....
මනමාලිට කියනු අසා
හාදු තියපු කදුයායම
ඉන්න හැඩයි උමතුවෙලා.....
ආලිංගන රංගනයට
නීල දෑස දිහා බලා
නිල් අහසත් ආන් බලන්
හිනා වුනා නුඹට හොරා.......
නීල දෑස දිහා බලා
නිල් අහසත් ආන් බලන්
හිනා වුනා නුඹට හොරා.......
තුරුගොමු අතරින් රිංගා
මදපවනත් මුකුළු කලා
දියඇල්ලත් පුළුන් රොදක්
වී හෙමීට යාවිගලා.......
මදපවනත් මුකුළු කලා
දියඇල්ලත් පුළුන් රොදක්
වී හෙමීට යාවිගලා.......
සිරිය මැදින් කුරුළුරජෝ
ආදර ගීතයක් ගයා
මටත් හිතයි ඇවිත් යන්න
උඩුගුවනේ නුඹව සොයා.........
ආදර ගීතයක් ගයා
මටත් හිතයි ඇවිත් යන්න
උඩුගුවනේ නුඹව සොයා.........
Subscribe to:
Posts (Atom)