ක්රිෂ්ණා
නුඹ වැයූ වස්දඩුවෙ
උච්චතම ස්වරය ළඟ
රාධා බලා සිටියි
රඟන්නට අමතකව
ආතුර වී
ශිව දේව කන්නලව්වට
සිහින් කෙදිරිලි නගා
ආමරපාලියක නොවන්නට
මෝහිණිත් පැතුවේම
රාධාවක් වන්නට.
සිදුහත්
සංසාර පුරුද්දට
සෙවනැල්ල වී ඉන්න
නුඹේ මග ඔස්සේම
පැමිණි යශොදරා
යස ඉසුරු මැද තනිවෙච්ච
කළුවර
අමාවක සඳ සගවාගෙන
රාත්රිය මත්වෙච්ච මීවිතක්
නොවන්නට
මෝහිණිත් පැතුවේම
යශෝදරාවක් වෙන්න
ගැබ්බරව
මාවතින් මාවතට
පතිවෘතාව උකසටම නොතබන්ට
පතිනි මව්නි
මෝහිණිත් මඟ බලා හිටියේම
විළිරුදාවෙන් මිදුන පසු
කිරිපිඬක් දන්දෙන්න
පාළුම පාළු වංගුවල
වහන්වී ගොම්මන් ඇදිරියට
මෝහිණිය දරුව දුන්නේම
ඇගේ විලි වසාගන්න
No comments:
Post a Comment