Sunday, November 15, 2015

කුස්සියේ පැහෙන්නට වෙරළු පිංකල හැඩයි

මිරිස් ලුණු ගම්මිරිස් රසය හොද පදමටම

වෙරළු ගෙඩි අටයි මට දෙන්න හැකි විස්සටම


 ඉහළ අතු ඉති පුරා තව ඉතිරි නැති හැඩයි

කුසේ ගිණි නිවනු හැකි ඉතිං තව ටික දොහයි

එළිපත්ත හිරිකඩට තෙමී මඩවුණ හැඩයි

කුස්සියේ පැහෙන්නට වෙරළු පිංකල හැඩයි 


ගලා යන දහඩියත් මැටි පොලව සිපගතී

පුපුරණා ගිනි අඟුරු ලොකු දෝණි පරදතී 


රසගුණ පදමටමජීවිතේ ගෙවන්නට

එන්නෙපා පංසලටයාළුවොත් ඇති එමට


 අමුණනා අකුරුවල පටලන්න ජීවිතේ

දිනක් හැකි ගෙවන්නට පුතේ මට හාමතේ

නොදන්නා ලෙස යන්න දුටුවොතින් රුව මගේ

මුදලාලි බලන් ඇති හෙටත් එනකොට කඩේ


 හිනාවෙයි මඳ සුළඟවෙරළුමල් වල හැපී

කලා සහසක් පිරී පුරහඳ හෙටත්  ආකාටසෙට වඩී

Friday, November 13, 2015

නිළමෙලා වඩින පෙරහැරට ඔහු කොප්පරා පහන් ගෙන ගියේය.



එබී බලනා වෙලේ දිවයුරු වැටුණ පිණිබිදු ඉහිරිලා
බලෙන් පුප්පපු නෙළුම් මලකට කිරි ඉද්දමල් යටවෙලා

ගිලී දිවයුරු එන්න පුන්සඳ නැගී අහසට හිනහිලා
බලා ගන්නට පෙරහැරේ හැඩ වලා අතරින් මිරිකිලා
කස හඬට යුගසවන් යොමුකර බලාහිදි හැම පුලපුලා
එළිය දෙන්නට දැවෙන කොප්පර රැගෙන යයි ඔහු ඉවසලා

ධාතු වඩමන වරණිදුත් ඇත සේදභරණින් සැරසිලා
තාන තන තන තතන තන තන තානමට ඉඟ සොලවලා
දෑස නවතින සොදුරු රූමත ඔහුව යාවී ගිලිහිලා
තේජසින් පෙරහැරේ මුලසුන ගනී සියළුම නිළමෙලා

පැලේ අගහිග කොප්පරාමත දැවී හුළඟට මුසුවෙලා
ඇසේ කඳුලක් රදා පියවර තබයි භක්තිය වැඩිවෙලා
නැගී කරගැට උරපත්ත මත සිනහවෙන් එය සඟවලා
දෙනෝ දාහක් දෙනා ඇස්මත සතුට ගෙනෙනට තැත්කලා